පුවත්
හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොකුණුවිට, කනේවෙල අමුණ
පෝෂිත ප්‍රදේශය හෙක්ටයාර් 76.61 (අක්කර 190) ක් වන මෙම අමුණු ව්‍යාපාරයේ ප්‍රතිලාභී ගොවි පවුල් සංඛ්‍යාව 300 කි.
ඉහත පෝෂිත ප්‍රදේශය වෙත වාරි පහසුකම් ලබා ගන්නා ලද පැරණි අමුණු නිර්මිතය 1998 දී ගංවතුර හානි හේතුවෙන් විනාශවී ගිය අතර, ඒ වෙනුවට අමුණේ උඩුගං කොටසේ ස්ථානයක පින්වල අමුණ නමින් ප්‍රමාණයෙන් කුඩා අමුණක් ඉදි කරන ලද නමුත් , එය මගින් ඔය දෑලේ ගොඩ ඉඩම් වලට සහ සෙසු දේපළවලට හානිදායක බලපෑම් සිදු වීම නිසා අමුණ භාවිතා කිරීම දැඩි ලෙස සීමා වූ අතර, පසු කාලීනව අමුණේ දකුණු ඉවුරු කොටස කැඩී-බිඳී , සේදීයාම නිසා පින්වල අමුණ භාවිතා කිරීම ද සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.
එසේ, අසාර්ථක වී විනාශ මුඛයට ගිය පින්වල අමුණ වෙනුවට , වඩා පහසුවෙන් සහ වැඩි පෝෂිත ප්‍රදේශයකට වාරි ජල පහසුව ලබා දී මේ අරමුණින්, විද්‍යාත්මක වාරි දත්ත ගවේෂණයකින් සහ ජල විද්‍යාත්මක හා ව්‍යුහාත්මක විශ්ලේෂණයන්ගෙන් අනතුරුව , එසවුම් දොරටු හයක් සහ සෙසු ව්‍යුහඅංගයන්ගෙන් සමන්විත නව කණේවෙල අමුණ , රුපියල් මිලියන 34 ක පිරිවැයක් දරමින් වර්ෂ 2018 වසරේ අරඹා, අදියර කිහිපයකින් 2021 දී ඉදිකිරීම් නිම කරන ලදුව , වත්මන් ගරු ආණ්ඩුකාරවර, මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා විසින් 2022 මුල් කාර්තුවේ දී ප්‍රදේශයේ ගොවිජන සමුහයා වෙත පවරා දෙන ලදී.