අප ගැන
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය නො.25, මාලිගාව පාර, රත්මලාන යන ස්ථානයෙහි තිබෙන අතර, එහි කාර්යයන් ඉටු කිරීම සඳහා කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල කාර්යාල 03ක් පිහිටුවා ඇත.
දැනට තිබෙන පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව 1992 වර්ෂයේදී බස්නාහිර පළාතේ තිබෙන සුළු වාරිමාර්ග වැඩකටයුතු ඉටු කිරීම සඳහා බස්නාහිර පළාත් ඉංජිනේරු කාර්යාංශයේ අංශයක් ලෙස පිහිටුවීය. පසුව මෙය 2005.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස 2006.12.08 දිනැති ගැසට් පත්‍රය මඟින් වර්ග කරනු ලැබු අතර 2012 වර්ෂයේදී බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය යටතට පත්කරන ලදී.
මෙම දෙපාර්තමේන්තුවේ කාර්යයන් ඉටු කිරීම සඳහා අදාළ නීතීන් සංස්ථාපනය කිරීම සඳහා වන ප්‍රඥප්තිය (අංක 1888/42) 2014.11.14 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ගරු අමාත්‍ය
අමාත්‍යංශ ලේකම්
එන්. නිලවල මයා
පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ
ඩබ්.ඩී.ආර්.පී. චිත්‍රාංගනී මිය
වාරිමාර්ග ඉංජිනේරු (මුලස්ථාන)
ගණකාධිකාරි
එන්.එ.සී.එස්. දිල්රුක්ෂි මහත්මිය
දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (ගම්පහ)
ජී.එස්.පැතුම් මයා
දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කළුතර)
ඩබ්.ආර්.ඒ.ඩී.රත්නායක මයා
දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කොළඹ)
එච්.කේ.යු.එන්.ලියනගේ මයා