Select Language

සංවිධාන ව්‍යුහය

 

බස්නාහිර පළාත තුළ පිහිටි සුළු වාරිමාර්ග කටයුතු සංවර්ධනය කිරීම සඳහා සේවාවන් සපයන “A” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු පරිපාලනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාරය බස්නාහිර පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත පැවරී ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1 වන පන්තියේ නිලධාරියෙකු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලබන අතර පළාත් වාරිමාර්ග විෂය භාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් සුළු වාරිමාර්ග ප්‍රඥප්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට බලය ලැබී ඇත. මෙම ප්‍රඥප්තියේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාතේ දිස්ත්‍රික් 03 සඳහා වෙන් වෙන් වශයෙන් දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල 03ක් ස්ථාපිත කර ඇති අතර මේ සඳහා ආයතන ප්‍රධානීන් ලෙස දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරු තිදෙනෙකු පත්කර තිබේ. මීට අමතරව ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සිටින මුලස්ථාන ඉංජිනේරු විසින් දෙපාර්තමේන්තුවේ සියළුම රාජකාරීන් මෙහෙයවනු ලැබේ. තවද දෙපාර්තමේන්තුවට වෙන් වී ඇති වැය ශිර්ෂ යටතේ සිදු කරනු ලබන මුල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිගේ අධීක්ෂණය යටතේ ඉටු කරනු ලැබේ. මේ ආකාරයට පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂගේ අධීක්ෂණය සහ විධිවිධාන වලට යටත්ව ඔවුන් වෙත පවරනු ලබන බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරිම සිදු කරනු ලබයි.

JPG