වගා බිම් වෙත නිසි කලට ලැබෙන ප්‍රමාණවත් ජල සැපයුම හා එය පාලනය ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සදහා හේතු වන ප්‍රධාන සාධකයකි. පුරන් කුඹුරු නැවත වගා කිරීම සදහාත්, කෘෂි නිෂ්පාදන ප්‍රමාණය ඉහල නැංවීම සදහාත් කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය වන වාරි පද්ධතීන් නිසි පරිදි නඩත්තු කිරීම බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජල ප්‍රභව වන වැව්, ඇළ මාර්ග ආදිය ප්‍රතිසංස්කරණය, සුළු වාරිමාර්ග පද්ධති ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය හා නඩත්තු කටයුතු දෙපාර්තමේන්තුවට වෙන් කරනු ලබන ප්‍රතිපාදන භාවිතයෙන් සිදු කරනු ලබයි.
දැක්ම:
"නිසි කලට ගොවිතැනට නිසි ජලය."
මෙහෙවර:
"බස්නාහිර පළාතේ ජලය සහ භූමි සම්පත් වලින් එහි ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදෙනු පිණිස, කෘෂිකාර්මික ඵලදායීතාවය වැඩි දියුණු කිරීම උදෙසා නවීන තාක්‍ෂණය සමග අනෙකුත් සම්පත් යොදා ගනිමින් සැලසුම් කිරීම, ඉදිකිරීම, නඩත්තු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම මගින් වාරි පද්ධතිය සංවර්ධනය කිරීම සහ එහි තිරසාර පැවැත්ම තහවුරු කිරීම."