Select Language

පුවත්

 

කණේවෙල අමුණ නැවත ඉඳිකිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

WP_20180316_17_10_57_Pro WP_20180316_16_34_19_Pro WP_20180316_08_08_21_Pro

කැස්බෑව වැව වටා ඉදිකරන ලද ව්‍යායාම මංතීරුව 2018 පෙබරවාරි මස 22 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.මේ සඳහා උපදේශක සේවා සපයනු ලැබුවේ බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟිනි.

28378395_2020184881532891_2522702383060309277_n 28378870_2020184831532896_7660210509044199641_n20180222_092137

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ ගරු අමාත්‍ය ගාමිණි තිලකසිරි මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2017-12-21 දින බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවති “අන්තර් ආයතන කාර්ය සාධන කළමනාකරණ තරඟයේ” පළමු කාණ්ඩයේ ප්‍රථම ස්ථානය බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හිමිකරගන්නා ලදී.

_DSC0103_DSC0105

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජීත “ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන – 2017” යටතේ දියවර දිනය නිමිත්තෙන් බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ මෙහෙයවීමෙන් හා බස්නාහිර පළාතේ අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ගාමිණි තිලකසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් කළුතර දිස්ත්‍රික් මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2017.10.12 දින පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, 837 ඒ, මිදලන බටහිර ග්‍රාම නිළධාරි වයමේ බතමුරේ වෙල්යායේ දෙපා ඇල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය පවත්වන ලදී.

IMG_1024 IMG_1119

දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කොළඹ) කාර්යාලය සඳහා ලබා දුන් එක්ස්කැවේටර් යන්ත්‍රය බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ගාමිණි තිලකසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017-08-09 දින ප්‍රථම වරට “හෝමාගම පිටිපන උතුර ඊරියගහ කුඹුර මොරැයියා කොට්ටනුව කුඹුරු යායවල් ආවරණ වන ප්‍රධාන ඇල මාර්ගය පිළිසකර කිරීම” යන ව්‍යාපෘතිය සඳහා යන්ත්‍රය භාවිත කල අතර, සැලසුම් කර ඇති පරිදි ඉහත ව්‍යාපෘතියෙන් අඩි 7000ක ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

IMG_0757IMG_0759IMG_0799IMG_0801

වාරිමාර්ග ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍යව තිබු එක්ස්කැවේටර් හා බාජ් යන්ත්‍ර දිස්ත්‍රික් කාර්යාල 03 සඳහා බෙදා දීම බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ගාමිණි තිලකසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017-07-17 දින බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණි.

IMG_2045IMG_2100IMG_2107IMG_2111IMG_2120IMG_2124

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් 2017 ජුනි 05 දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

20160602_09152420160602_09210820160602_092149